ව්‍යාජ පන්දහසේ නෝට්ටු 57 ක් සමගින් අත්අඩංගුවට ගත් දිගන ප්‍රදේශයේ පාසල් සිසුන් සිව් දෙනකු පරිවාස භාරයේ තබන ලෙස තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණය පෙරේදා (21 වැනිදා) නියෝග කර ඇත.
තෙල්දෙණිය මූලස්ථාන පොලිසිය විසින් මෙම සිසුන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ දිගන නගරයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දිගන ප්‍රදේශයේම පදිංචි 15 හා 16 යන වයස්වල පසුවන සිසුන් සිව්දෙනකි.
මෙම සිසුන් දිගන නගරයේ ව්‍යාපාරික ස්ථානයකට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණ ඇති අතර එහිදී ව්‍යාපාරිකයාට ලබාදුන් නෝට්ටු ව්‍යාජ බව ව්‍යාපාරිකයා විසින්ම හඳුනාගෙන ඒ බව පොලිසිය දැනුවත් කර තිබිණි.
මේ අනුව ක්‍රියාත්මක වූ තෙල්දෙණිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර සේනාධීර ඇතුළු නිලධාරීන් පැමිණ මෙම සිසුන් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී සිසුන් සිව්දෙනා සන්තකයේ රුපියල් පන්දහසේ නෝට්ටු හතරක් තිබී ඇත.
මෙම සිසුන් පවසා ඇත්තේ හඳුනන මාමා කෙනකු බඩු මිලදී රැගෙන ඒම සඳහා මෙම නෝට්ටු ලබාදුන් බවය. මේ අනුව මෙම සිසුන්ට ලබාඳී තිබූ තවත් පන්දහසේ නෝට්ටු පනස් තුනක්ද සොයාගෙන තිබිණි.
මෙම සිසුන්ට ව්‍යාජ නෝට්ටු ලබාදුන් ප්‍රධාන සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතත් එම සැකකරු ප්‍රදේශයෙන් පැනගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.