කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත.
ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්‍රාප්ත වී බවයි වාර්තා වන්නේ.
මිය යන විට ඒ මහතා 74 වියේ පසුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා අමාත්‍යවරයෙකු වශයෙන්ද කටයුතු කළේය.
අනතුරුව නව ලංකා නිදහස් පක්ෂය නමින් නව පක්ෂයක් ආරම්භ කළ ඔහු, 2020 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයට සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේග සන්ධානයට එක්ව තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.