05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශන සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශ ලේඛම් තිලකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ, එම විමර්ශනවල කරුණු සලකා බලා ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන්නේ ද? නැද්ද? යන්න සම්බන්දයෙන් කඩිනමින් තීරණයක් ගැනීමට කටයුතු කරන බවය.
කෙසේවෙතත් විමර්ශනවලින් අනතුරුව සාධාරණ විසඳුමකට එළැඹීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යංශ ලේඛම්වරිය වැඩිදුරටත් සඳහන් කර ඇති අතර ඊයේ දිනයේ දී ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්යක්ෂවරයා ඔක්තොම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාර කර කෙරුණි.