නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් දිවයිනට බලපා ඇති කාලගුණික තත්ත්වය අදින් (29) පසු ක්‍රමිකව අවමවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත.
ත්‍රිකුණාමලයට කිලෝමීටර 110ක් පමණ ඊසාන දෙසින් ඊයේ (28) පිහිටා තිබූ ගැඹුරු පීඩන අවපාතය දිවයිනේ නැගෙනහිර වෙරළ ආසන්නව උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් පවතින බව සදහන්.
ඒ අනුව, නැවත දැනුම් දෙනතුරු දිවයින වටා පිහිටි ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල ධීවර හා නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ අතර, උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලට මෙන්ම ත්‍රිකුණාමල, ගාල්ල යන දිස්ත්‍රික්කවලට ද විටින් විට වැසි ඇති විය හැකි අතර උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට පැයට කිලෝමීටර 60 ක පමණ තද සුළං ඇති වීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.